Thursday 30th of April 2026

English Tamil
Advertiesment


ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත හැක්කේ වත්මන් ජනපතිට විතරයි  


2024-03-12 14865

 

වේදිකාවල කියන ජනප්‍රිය කතාවලින් රට ගොඩනගන්න බෑ

 

ඉතිහාසයේ සිටම රට වැටුණු හැම අවස්ථාවකදීම යළි නගා සිටු වූයේ එජාපය විතරයි

 

"සැබෑව" ජන රැලියේදී හිටපු මුදල් ඇමතිගෙන් සැර කතාවක් 

 

1948 දී ඩී.එස්. සේනානායක නිදහස් කර දීමෙන් පසු 1977 දී ජේ.ආර්. විවෘත ආර්ථිකය සමඟ සංවර්ධන මාවතට යොමු කළ රට 2022 මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සමත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායක සහ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ යැයි එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

ආර්ථික අර්බුදය හමුවේ ඇද වැටී තිබූ රට ගොඩ ගැනීමට කවුරුත් ඉදිරිපත් නොවූ බව සිහිපත් කළ රවී කරුණානායක මහතා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියෝගය භාර ගෙන රට ගොඩනැගූ පසුව විවිධ පාර්ශ්ව ලැජ්ජා නැතිව රට භාර දෙන ලෙස ඉල්ලා සිටින්නේය යැයි චෝදනා කළේය. 

හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ "සැබෑව" ජන රැලිය අමතමින්ය.

මෙම ජන රැලිය එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සංවිධානය කර තිබූ අතර, එම පක්ෂයේ නායක සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂයේ නායක මට්ටමේ සියලු දෙනා ඊට සහභාගි වී සිටියහ.

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් රැසකගෙන් ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගොස් තිබූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය .

"දැන් සමහරු අහනවා එක්සත් ජාතික පක්ෂයට මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙම අහන අය මෙතනට ආවා නම් බලා ගන්න පුළුවන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා.

2019 දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස පරාජය වුණේ ලක්ෂ 13කින්. නමුත් එක්සත් ජාතික පක්ෂය බිද ගෙන ගිහින් මහ මැතිවරණයේදී ලබා ගත්තේ ලක්ෂ විසි ගණනක් පමණයි. ඒ කියන්නේ එදා ගත්ත ඒ තීන්දුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පිළි ගත්තේ නෑ . ඔවුන් කලකිරුණා.

1948 දී ඩී.එස්. සේනානායක නිදහස් කර දීමෙන් පසු 1977 දී ජේ.ආර්. විවෘත ආර්ථිකය සමඟ සංවර්ධන මාවතට යොමු කළ රට 2022 මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සමත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායක සහ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ

එදා ඩොලරය රුපියල් 375 ට ගියා. අද වෙන කොට රුපියල් 307 ට අවප්‍රමාණය වෙලා තියෙන්නේ. හෙට අනිද්දා වෙන කොට ඒක දෙසිය ගණනට අඩු වෙනවා. එතකොට ජනතාවට බලා ගන්න පුළුවන් ජීවන වියදම අඩු වෙන බව.

එක්සත් ජාතික පක්ෂය වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනප්‍රිය තීන්දු ගන්නේ නෑ . රටට අවශ්‍ය මොකක්ද, ඒ වෙනුවෙන් තමයි තීන්දුව ගන්නේ. බොරුවට ආයුෂ තියෙන්නේ සත්‍ය අනාවරණය වන තුරු පමණයි. දැන් තවත් බොරු කරන්න එපා. නූතන ආර්ථික රටාවට මේ රට ගෙන යන්න ඕන. තරගකාරී ආර්ථිකයක් රටේ ඇති කරන්න ඕන. කෘෂිකර්මය නවීකරණය කරන්න ඕන. නිෂ්පාදන සහ සේවා අංශය ඔස්සේ ආර්ථිකය ගොඩනගන්න ඕන. ඒ වැඩ පිළිවෙළ අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කර ගෙන යනවා. එයින් තමයි රට ගොඩනගන්න පුළුවන් .

ආර්ථික පීඩනයෙන් ඉන්න ජනතාව ලක්ෂ 24 කට, අස්වැසුම දෙන කොට, ඉඩම් ඔප්පු නැති ජනතාව ලක්ෂ 20 කට උරුමය වැඩ සටහන හරහා සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දෙන කොට, තරුණ ප්‍රජාව ලක්ෂයක් ව්‍යවසායකයන් කරන්න වැඩ කරන කොට අපිට චෝදනා කරනවා අපි පෞද්ගලීකකරණය කරනවා කියලා. ඒකට ද පෞද්ගලීකකරණය කියන්නේ .

2019 දී රාජ්‍ය ආදායම් අහිමි වන ආකාරයට තීන්දු තීරණ ගන්න කොට අපි කිව්වා රටට මෙහෙම වෙයි කියලා. අපි කියූ දේ ඔප්පු වුණා. දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔප්පු කර තිබෙනවා, අර්බුදයෙන් ගොඩ යන්න වගේම රට සංවර්ධනය කරන්න පුළුවන් කාටද කියලා. ඒ මග ඔස්සේ ඉදිරියට යන්නයි අවශ්‍ය. ඒ වෙනුවෙන් සියලු දෙනා එක්වෙමු.

Advertiesment